🐝 බඹරා, දෙබරා හා මී මැස්සා හදුනා ගනිමු.
දෙබරා
දෙබරා බුද්ධිමත් හා උපක්‍රමශීලී සත්වයෙකි. ඔවුන් හට සමාන ලක්ෂණ සහිත දෑ වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. එනම් මිනිස් සමූහයක් අතරින් පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් වෙන් කර හඳුනා ගත හැක. මෙය සකර්මක විනිශ්ච හැකියාව නම් වන අතර එම හැකියාව ඇති බවට තහවුරු කර ඇති එකම අපෘෂ්ඨවංශි සත්ව වර්ගය දෙබරුන් පමණි. දෙබරාට වර්ණයෙන් අඩු වැඩි දෑ මෙන්ම සමාන ගති ඇති යුගළ සැනින් තෝරා ගැනීමට ද හැකියාව පවතී.
භාහිර පෙනුම -
දෙබරා , බඹරාට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාල වන අතර කද වටා කහ පැහැති පටියක් දැකිය හැකිය.
දෙබර කූඩු -
ග්‍රාමීය පෙදෙස් වල මෙන්ම නාගරික ප්‍රදේශ වලද පහසුවෙන් ලගා විය නොහැකි ඉතා උස් ස්ථාන වල දෙබර කූඩු නිර්මාණය කරනු ලබනවා. මෙම කූඩු සෑදීමේදී ශාක කොටස් තදින් හපා ඒවායේ ඇති කෙදි සමඟ ඉතා විෂ සහිත දෙබර ඛේටය මිශ්‍ර කරයි.
දෙබර වදයේ පාලනය -
දෙබර ජනපදයක් තුළ එක් රැජිණක් නොව පරපුර බිහි කළ හැකි රැජිණියන් (ගැහැණු සතුන්) කිහිප දෙනෙකු වන අතර ඔවුන් එකිනෙකා අතර අනෙකා පාලනය කිරීමට තරඟ කරයි.
දෙබර දෂ්ඨනය -
වඩාත්ම දරුණු ගණයේ ප්‍රහාරයක් වන දෙබර ප්‍රහාර නිසා සමෙන් ලේ වැගිරීම් පවා සිදු විය හැකිය. අදාළ ස්ථානය රතු පැහැ වී ඉදිමෙන අතර ඉතා දැඩි වේදනාවක් ඇති කරයි. දෙබර විෂෙන් ඉන්ද්රිය ආබාධ හා හෘදයාබාධ තත්ත්වයන් ද ඇති විය හැකිය. හෘදයේ කිරීටක ධමනි වල මේද තැම්පත්ව ඇති පුද්ගලයන් හට බොහෝ විට දෙබර දෂ්ඨනයෙන් පසු දින හදිසි හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ මේ නිසාය. දෙබරා දෂ්ඨනය කරන්නෙ උදරය අග කොටසේ ඇති දළ මගිනි. මේ නිසා එම දළ කැඩී යාමකට ලක් නොවන නිසා දෙබරාට බොහෝ වාර ගණනක් දෂ්ඨ කළ හැක.
දෙබරා ගැන වැඩි දුර විස්තර සඳහා click කරන්නhttp://ity.im/765gU
බඹරා
භාහිර පෙනුම -
Apis dorsata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බඹරු, ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වන්නේ, දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් වලය. යුරෝපීය හා අප්‍රිකානු රටවල්වල , බඹරු දකින්න ලැබෙන්නේ නෑ. උදරය තද දුඹුරු / කළු පැහැයකින්වේ. 17mm - 20mm අතර ශරීර දිගකින් යුක්තය.
බඹර වදය-
පරිසරයේ දක්නට ලැබෙන බිඟු විශේෂ අතුරින් විශාලතම ජනපදයක් සෑදීම කරන්නෙත් මේ බිඟු විශේෂය මගින්. බඹරු, තම කැදැල්ල සෑදීම සිදුකරනුයේ විවෘත, එළිමහන්, පොළොව මට්ටමේ සිට ඉතා ඉහළින්. එය බොහෝවිට, රූස්ස ගස් අතු මත, උස ගොඩනැඟිලි මත හෝ උස පාලම් යට වන්නට පුළුවනි. බ බඹරුන් විසින් සාදන මේ කැදැල්ල, තනි වදයකින් යුක්ත වේ. බඹර ජනපදයක, බඹරුන් 100,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින නමුත්, මෙහිදී පිරිමි මැස්සන්ගේ හා ගැහැණු මැස්සන්ගේ පිලා කෝෂ වෙන් වෙන්ව පිහිටීමක් දක්නට ලැබෙන්නේ නෑ. එනම්, එය මිශ්‍ර ලෙස වදය පුරා විහිදී තිබෙනවා. සාමාන්‍යයෙන් නොවැම්බර්, ඔක්තෝබර් කාලසීමාව තුළදී මේ බඹර ජනපදවල රංචු බෙදීයාම දක්නට ලැබෙන අතර, එහිදී ජනපදයේ සිටින පරණ රැජන, ජනපදයේ මැස්සන් කොටසකුත් සමඟ, ජනපදයෙන් ඉවත්වී, වෙනත් වාසස්ථානයක් කරා යාම සිදුවනවා. ජනපදයේ ඉතිරිවන බඹරුන් විසින් නව රැජිනක් සාදාගන්නවා.
බඹර දෂ්ඨනය -
බඹර ප්‍රහාරයකට ලක් වූ විට කුඩා බිබිළි ඇති වී අදාළ ප්‍රදේශය රතු පැහැ වී ඉදිමෙන අතර දැඩි වේදනාවක් ඇති කරයි. හිස ආශ්‍රිතව බඹරාගේ විෂ දළ පිහිටා තිබෙන නිසා එක් වරක් දෂ්ඪ කිරීමෙන් පසු ඔවුන් මිය යනවා. තම විලෝපිකයන්ට එරෙහිව දැඩි ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් දක්වනවා මෙන්ම බඹරු රාශී ආක්‍රමණයක් මඟින් සතුරන්ව හබා ගොස් පන්නා දැමීමද සිදුකරති.
මී මැස්සා
භාහිර පෙනුම -
Bee ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන මී මැස්සා ප්‍රමාණයෙන් කුඩාය. පැහැයෙන් කහ දුඹුරු පැහැයක් ගන්නා අතර උදර කොටසේ තද දුඹුරු පැහැති පටි ආකාරයක් දැකිය හැකිය.
මී වදය -
මී වද සෑදීමේදී ඉතා ඉහළ තුරු මුදුන් වෙත ගමන් කරනු නිරීක්ෂණය කළ නොහැකි නමුත් තරමක් උස් වූ ආරක්ෂිත හා ශක්තිමත් අතු වල මී වද බැදිනු දැකිය හැක.මීමැස්සන් විසින් මී වදයේ පැණි ගබඩා කිරීමේදී, එක් එක් වදයේ ඉහළ සම්පූර්ණ තීරුවම ඒ සඳහා භාවිතා කරයි. මී වදයක ඇති කෝෂ සැදීම නිරීක්ෂණය කිරීමේ දී දැකි හැකි ප්‍රධාන පදනම් ආකාර දෙකකි.ඒවා නම් සේවක පදනම හා පිරිමි මී මැසි පදනමයි.සේවක පදනම අනුව ගොඩ නැගුනු මී වදයක මී මැස්සාට ශඩස්‍රාකාර කුඩා සේවක කෝෂ තනා ගැනීමට හැකියාව සලසන අතර, පිරිමි මී මැසි පදනම මත ගොඩ නැගුනු මී වදයක පිරිමි මීමැස්සන්ට වඩා විශාල කෝෂ තනා ගැනීමට ඉඩ සලසා තිබෙනු දැකිය හැක.
මී මැස්සන් ආකාර-
මී මැසි ජනපදයක හඳුනා ගත හැකි මී මැස්සන් වර්ග තුනක් සිටිති.
රැජින -
මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතා මී මැසි රැජින වේ.මී මැසි රැජින මී මැසි ජනපදයක සිටින ලිංගික වශයෙන් පරිණත භාවයට පත් වූ එකම මී මැස්සියයි. මී වදය තුල සිටින සියලුම ගැහැණු වැඩකාර මැස්සියන්ගේ සහ පිරිමි මී මැස්සන්ගේ මව වන්නේ ඇයයි. මී මැසි රැජිණක් අවුරුදු තුනක් පමණ ජීවත් වන අතර එම කාලය තුල ඇය මිලියන භාගයක තරම් බිජු ප්‍රමාණයක් දමන්නීය. හොඳින් බිත්තර දමන කාලයේ මී මැසි
රැජිණක් දිනකට බිත්තර 3000 ක් පමණ දමන්නීය.
ගැහැණු කම්කරු මී මැස්සියන් -
එක් මී වදයක ගැහැණු කම්කරු මී මැස්සියන් 30,000 - සිට 50,000 දක්වා ප්‍රමාණයක් සිටින නමුත් මොවුන් ලිංගිකව පරිණත නැත.
පිරිමි මී මැස්සන් -
වදයක සිටින පිරිමි මී මැස්සන් ප්‍රමාණය වෙනස් විය හැකිය. ඉතා හොඳ වදයක පිරිමි මී මැස්සන් දාහක් පමණ සිටිය හැකි අතර ශීත කාල වලදී හා නියඟ කාලවලදි මෙම ප්‍රමාණය අඩුවේ.
මී මැසි දෂ්ඨනය -
මී මැස්සෙකු දෂ්ඨ කිරීමෙන් සමහර පුද්ගලයින් හට අසාත්මිකතා ඇති නොකරන අතර බහුලව දැකිය හැකි අසාත්මිකතා ලක්ෂණ වනුයේ දෂ්ට කළ ස්ථානය තරමක් රතු පැහැ වී මද ඉදිමුම් තත්ත්වයක් ඇති කිරීමයි. මෙවැනි අසාත්මික තත්ත්වයක් ඇති නොකළ ද මී මැස්සාගේ විෂ දලය ගලවා ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. මී මැස්සන් ඇතැම් විට රංචු වශයෙන් ආක්‍රමණයට යොවන නමුත් ඔවුන් පන්න පන්නා පහර දෙන්නේ නැත. මී මැස්සාගේ දළ හිසෙහි මුව ආශ්‍රිතව පිහිටා තිබීම නිසා එක් වරක් දෂ්ඨ කිරීමෙන් පසු මී මැස්සන් ද බඹරුන් මෙන් මිය යනවා. මී මැසි ජනපද
👍👍❤❤
ReplyDelete